2026 වසරේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ඊයේ හැකිවුනා.
ඔවුන් සිය ක්රිකට් දිවියේ ලෝක කුසලාන තරගායවලියකට සුදුසුකම් ලැබූ පළමු හා එකම අවස්ථාව මෙයයි.
මෙම තරගය ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.
2007 වසරේ දී ආරම්භ වූ ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයේ මේ දක්වා කාලය තුළ රටවල් 24ක් අවම වශයෙන් එක් අදියරකට හෝ සහභාගී වී තිබෙනවා.
ඒ අනුව එම රටවල් අතරට එක් වූ 25වන රට ඉතාලිය බවටයි සදහන් වන්නේ.