මහනුවර ඇසළ පෙරහර සමයේදී පෙරහර ගමන් කළ වීථි හා දේවාල ආශ්‍රිතව කසළ ටොන් 300ක් පමණ එකතු වූ බව මහනුවර මහ නගර සභාව පවසනවා.
කොස් අතු ඇතුළු අපද්‍රව්‍ය ටොන් 200ක් පමණ එකතු වූ අතර පෙරහර වීථිවලින් එකතු වූ අඟුරු ටොන් ගණන 16ක් බව මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අංශ ප්‍රධානි ඉංජිනේරු නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.
මෙම කසළ අතර දිරාපත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික් බෝතල් ටොන් 30ක් පමණ තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.