මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්ලය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
මහනුවර ඇසළ පෙරහර ලබන 08 වනදා දක්වා වීදි සංචාරය කරනවා.
ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිලිවෙල සහ රථවාහන සැලැස්ම යටතේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මාර්ග බාධක / ආරක්ෂක රාජකාරී/ රථවාහන හා පුද්ගලයන් පරික්ෂා කිරීම / සංචාරකයන්ට මග පෙන්වීම හා රථවාහන ගාල් කිරීම ඒ අතර වනවා.
පෙරහර කාලසීමාව තුළ මෙන්ම දිනයේ සෙසු වේලාවන් වලට ද රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.