අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩිතැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි.
වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන හිටපු අමෙරිකානු සොල්දාදුවෙකු සෙවීමේ දැවැන්ත මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
මොන්ටානා අපරාධ විමර්ශන අංශය පවසන්නේ, සැකකරු 45 හැවිරිදි එරට හමුදා නිලධාරියෙකු වන බවට මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.