ආබාධ සහිත පුද්ගලයන් සදහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය ලබාදෙන ආධාර මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කර තිබෙනවා.
මෙතෙක් ආධාර මුදල ලෙස එක් පුද්ගලයෙකුට ලබාදුන්නේ රුපියල් විසිහදසක් පමණි.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රදානත්වයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව පසුගියදා රැස්වුණා.
එම රැස්විමේ දී තීරණය කළේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිල දී ගැනිමට රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන රුපියල් විසිදහසක ආධාර මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කිරීමටයි.