ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීමක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ.
ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙසයි එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දම ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රදේශයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමගින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්














