දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද සිට ක්‍රමයෙන් අඩුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ දිනවල මීදුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ වායු ගුණත්වයේ පවතින පහළ යාමක් හේතුවෙන් බවයි එම සංවිධානය කියා සිටියේ.
එහි පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහොමයක වායු ගුණත්වයේ පහළ යාමක් මේ දිනවල පෙන්නුම් කරන බවයි.