ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් හොරොව්පොතාන වනජිවි බල ප්‍රදේශයට යටත්වන දුටුවැව පැරණිගම යංඔය ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් එම ප්‍රදේශයේ වී වපුරා දින 10 පමණ වන කුඹුරු අක්කර ගණනාවක් පාගා විනාශකර ඇති අතර එම ප්‍රදේශයේ කෙසෙල් වගාවන්ද වෙනත් ගොඩ බෝග වගාවන්ද විනාශ කර ඇති බව පැරණිගම ගොවින් පවසා සිටියා.
ගිය වසරේද මෙම ප්‍රදේශයේ පීදුම් හමාරවී අස්වැන්න නෙළීමට ආසන්නව තිබු කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් විනාශ කර දැමූ බව පෙන්වා දෙන ගොවීන් පවසා සිටින්නේ වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව පිළිබඳව හොරොව්පොතාන වන ජීවී නිලධාරීන් දැනුවත් කල ද මේ දක්වා නිසි විසඳුමක් නොලැබුණු බවයි.
මේ පිළිබඳව බලධාරීන් අවදානය යොමුවී වනාලි පලවා හැරීමටට හා ගොවීන්ට සිදුවන හානි පිළිබඳව පරීක්ෂණයක් පවත්වා, ගොවීන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ගොවීන් ඉල්ලා සිටිනවා.











