Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි

    අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි

    2025-09-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා.

    කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටින ඇඹිලිපිටියේ සුරංග නමැති අපරාධකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 21ක් පමණ වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යෙදාාගත් බවට සැක කරන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම මෝටර් රතය දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

    අදාළ නිවාඩු නිකේතනයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කරන රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් අඩංගු කෑන් 14ක් මෙන්ම ඒ සඳහා යොදා ගත් බවට සැක කරන තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

    පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර එම මෝටර් රථය පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

    එසේම මින් පෙර පොලිස් නිලධාරියෙකු මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථයක් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

    ඉරාන ජාතිකයන් කිහිප දෙනෙක් සහ ලාංකිකයන් කිහිප දෙනෙක් එක්ව මෙම නිවාඩු නිකේතනයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  රු. මිලියන 9 ක අයිස් කල්පිටියෙන්

    කෙසේ වෙතත් අදාළ ඉරාන ජාතිකයන් දෙදෙනා මේ වන විට මෙරටින් පළා ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවද වාර්තා වනවා.

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ අනෙක් පිරිස් සොයා කළුතර අපරාධ කොට්ඨාසය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරනයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ICE අයිස් මත්ද්‍රව්‍ය කළුතර අපරාධ කොට්ඨාසය හම්බන්තොට නිවාඩු නිකේතනය
    පෙර පුව​තඅවභාවිතා වූ ජනාධිපති අරමුදල නිවැරදි මගට යොමු වී ඇති බව අගමැති කියයි
    ඊළඟ පුව​ත බස් රථ 100ක් ගෙන්වීමට ලංසු කැඳවයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group