2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම නොවැම්බර් මස 7 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් මස 8 වැනිසා සිට දෙසැම්බර් මස 5 වනදා දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද(11) මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉිදරිපත් කිරිමට නියමිත බව මහලේකම්වරිය පවසනවා.
මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් මස 7 වන දින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සිදු කිරීමට අනතුරුව නොවැම්රබ් 8 සිට නොවැම්රබ් 14 දක්වා දින හයක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 14 වනදා පස්වරු 6ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 පස්වරු හයට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟතාවය පලව තිබෙනවා.
මෙම කාලයේදී රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයද ඇතුලුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.
එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙරවරු 9.30ටත් අනෙකුත් සෑම දිනකම පෙරවරු 9ටත් රැස්වීමට තීරණය කර තිබෙනවා.