අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දිනය අද යි.
එසේම, ඊට අදාළ ඡන්ද වීමසීම අද පස්වරු 06ට පැවැත්වීමට නියමිතයි.
අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය අනිද්දා එනම්, පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 06ට පැවැත්වෙනු ඇති.
2025 වර්ෂය සඳහා වන අයවැය දෙවනවර කියවීමේ විවාදය පසුගිය පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.