අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව මෙම තරගයෙන් සංචාරක අයර්ලන්තය පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමටයි බංග්ලාදේශයට හැකි වුනේ.
මෙහිදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පලමු ඉණිමට සදහා ලකුණු 476 ක් ලබාගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 106 ක් සහ ලිටන් දාස් ලකුණු 128 ක් බැගින් රැස් කරනු ලැබුවා.
පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ඇන්ඩි මැක්බ්‍රයින් දවාගත් කඩුලු සංඛ්‍යාව 6 ක්.
කෙසේ වෙතත් අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 265කට සීමා වුණා.
පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගනු ලැබුවා.
ඒ අනුව බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 211 ක් ඉදිරියෙන් සිටිමින්.
දෙවනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය කඩුලු 4 ට ලකුණු 297 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 508 ක දැවැන්ත අභියෝගයක් බංග්ලාදේශ කණ්ඩායම විසින් ලබාදුන්නා.
තරගයේ පස්වන දිනයේ දෙවන සැසිය අතරතුරදී අයර්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 291 ට දවාගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නන් සමත් වුණා.
මෙම තරගයේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් නම් වූ අතර තරගාවලියේ වීරයා ලෙස ටයිජුල් ඉස්ලාම් සම්මාන හිමි කර ගත්තා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














