
දකුණු ඉරාන ප්‍රදේශවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලින් ඉරාන හමුදාවේ සාමාජිකයින් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා .එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස ගුවන් සහ නාවික හමුදාවලට අයත් සාමාජිකයින් වන බවයි. එසේම බන්ඩර් අබ්බාස් සහ බුෂෙහ්ර් යන ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර තම හමුදා වැදගත් එක්සත් ජනපද හමුදා පහසුකම් 85ක් ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුමක් සිදු කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවා . එසේම බහරේනයේ එක්සත් ජනපද පස්වන බලඇණි කඳවුරට සහ කුවේටයේ
අලි අල්-සලම් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල වූ බවයි අයි ආර් ජී සීය සදහන් කර ඇත්තේ .














