අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා තිබෙනවා.
එම වාර්තාවේ සදහන් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම පියවර ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවට අමතරව ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ මෙම වාර්තාවෙන් කරුණු අනාවරණ කර තිබෙනවා.
එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද පරිච්ඡේදනයේ නීතිවිරෝධි ඝාතන සම්බන්ධයෙන් රජය හෝ එහි නියෝජිතයින් අත්තනෝමතික හෝ නීතිවිරෝධි ඝාතන සිදුකළ බවට කරුණු ඇතුළත්
එමෙන්ම පසුගිය ජනවාරි සිට අගෝස්තු අතර කාලයේදී අත්අඩංගුවේ පසුවෙමින් තිබියදී සිදුවූ මරණ 7 ක් පිළිබඳ මෙම වාර්තාවේ සඳහන්.
පසුගිය වසර පුරා ඉලක්කගත වෙඩි තැබීම් 103ක් පොලිසිය විසින් සිදුකර ඇති බවද එහි අන්තර්ගතයේ සදහන් වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය ඇතුළු සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති නමුත් රජය ඇතැම් විට මෙම අයිතිය සීමාකර ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.