නාඳුනන මෘත ශරීරයක් අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අම්බලන්ගොඩ, ඔලගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 18කින් යුත් ගොඩනැගිල්ලක 15 වැනි මහලේ පිරිමි මෘතදේහයක් ඇති බවට අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී සොයාගෙන ඇති බවයි.
මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මෘතදේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













