ශ්රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවුණා.
මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා.
මෙහිදී චීන මහජන කොන්ග්රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තේරී පත්වූ ආචාර්ය අසෝක රන්වල මහතා වෙත පිළිගන්වූවා.