මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවයි.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම ද අර්බුදයට ලක්ව තිබෙනවා.