හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනුෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් හාරකෝටි හැට ලක්ෂයක මුදලක් උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත්වීම හේතුවෙන්.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පැල්පිට මහතා අද(23) අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණු බවයි කොමිසම පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු අනුෂ පැල්පිට මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













