අනාගත පරපුර වෙනුවෙන් නව සමාජ පරිවර්තනයක් සිදුකිරීමේ කාර්යය ඉතා ඉහළින් ඉටුකරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
විපක්ෂය ව්‍යාජ ප්‍රකාශ සමාජගත කරමින් සිටියදී ඒ සියලු අභියෝග ජය ගනිමින් මෙම සමාජ පරිවර්තනය සිදුකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ බොරලුවැව , වැල්පොතුවැව, මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.