සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඌව සහ උතුරු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
- ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට












