සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඌව සහ උතුරු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














