උතුරේ සහ දකුණේ අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
2000 වසරට පෙර මෙවැනි පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අතුරුදන්වූවන්ගේ පවුල්වලට සිදුවූ හානි පූර්ණය කිරීමට නව යෝජනා ක්‍රමයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළා.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සංවිධාන කළ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේබව කියා සිටියේ.
බලහත්කාරයෙන් අතුරුදන් වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
ඒ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













