සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා , ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා.