කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වරකාපොළ පොලිස් වසමේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල මගින් සංවිධාන කරනු ලබන වාර්ෂික පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය මෙලෙස සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. පෙරහැර අද රාත්‍රී 08.00 සිට රාත්‍රී 11.00 දක්වා කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ වී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය දක්වා වීථී සංචාරය කර නැවත එම මාර්ගයෙන්ම කෝවිල දක්වා ගමන් කරනු ඇති.
මේ අනුව මෙම කාල සීමාව තුළ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අවහිර වන බැවින් මහජනතාවට සිදු වන අපහසුතාව වළක්වා ගැනීම සඳහා රථවාහන නිලධාරීන්ගේ මග පෙන්වීම මත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.