මියන්මාර සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකික පුද්ගලයින් 15 දෙනාද මුදවා ගෙන තිබෙනවා .
ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදෙස් කටයුතු අමාත්‍යාංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකින් .
බේරාගත් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකික කණ්ඩායම අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියවාදී ප්‍රදේශයේ මිසෝට්හිදී තායිලන්තයේ ශ්‍රීලංකා තානාපති වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දී තිබෙනවා .
මීට පෙර ඉකුත් මාර්තුමස 18වන දින මියන්මාර සයිබර් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් 14ක් සහා 2024 දෙසැම්බර් 17වන දින ශ්‍රී ලාංකික පුද්ගලයින් 27 බේරා ගෙන තිබුණා .