නාරාහේන්පිට පොලිස් වසමේ, 397 වත්ත ප්‍රදේශයේදී අද අළුයම නිවසක් තුළ හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න හටගෙන ඇති නිවසේ පුද්ගලයෙකු ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලබා සිටියදී පොලීසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එලෙස මිය ඇති බව සඳහන්.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ කුලී පදනම මත පදිංචිව සිටි අයෙකු බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන නාරාහේන්පිට පොලීසිය විසින් සිදු කරනවා.