මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවන කරන රියදුරන් සෙවීම සඳහා ජංගම රසායනාගාරයක් මේවනවිට ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේ මත්ද්‍රව්‍ය සහ බීමත් රියදුරන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නඩු 7,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතා සදහන් කලා.











