
ඉබෝලා වසංගතය කොංගෝ ජනරජයේ, නැගෙනහිර ප්‍රදේශයේ නව සෞඛ්‍ය කලාප දෙකකට ළඟා වී තිබෙනවා. ඒ අනුව එරට රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60 ක්. මේ අතර, වසංගත තත්ත්වය සඳහා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම හමුවේ එරට මරණ අනුපාතය 48% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වනවිට එම කළාපයෙන් රෝගීන් 5,794 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,786 ක්.














