චීන සමූහාණ්ඩුව තායිවානයේ මව්බිම නොවන බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. මේ අනුව තායිවානය කිසි විටෙකත් චීනයට අයත් නොවන බවයි ඔහු පවසා ඇත්තේ. චීනයෙන් එල්ල වන බාහිර තර්ජන පිළිබඳද අදහස් දක්වා ඇති තායිවාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තායිවානය යනු ස්වෛරී අනන්‍යතාවයක් සහිත රටක් බවයි. එමෙන්ම සිය රට ඉලක්ක කර චීනයෙන් එල්ල වන හමුදා බලපෑම් දැඩිව ඉහළ යමින් පවතින බවද තායිවාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. තායිවාන ජනාධිපති විලියම් ලායි තවදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ නෞකා සහ ගුවන් යානා නිරන්තරයෙන් සිය රටේ ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝණය කරන බවයි. සෘජු මිලිටරි බිය ගැන්වීමෙන් ඔබ්බට, තායිවානය තම භූමියේ කොටසක් යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන හැසිරවීමට උත්සාහ කරන චීනයෙන් එල්ල විය හැකි අනන්‍යතා යුද්ධයටද තායිවානය මුහුණ දෙන බවයි තායිවාන ජනාධිපති විලියම් ලායි පවසා ඇත්තේ. එමෙන්ම චීනය තායිවානයේ හමුදාව ඉලක්ක කර ඔත්තු බැලීමේ යෙදී සිටින බවටද තායිවාන ජනාධිපතිවරයා චෝදනා කරනවා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










