චීන සමූහාණ්ඩුව තායිවානයේ මව්බිම නොවන බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. මේ අනුව තායිවානය කිසි විටෙකත් චීනයට අයත් නොවන බවයි ඔහු පවසා ඇත්තේ. චීනයෙන් එල්ල වන බාහිර තර්ජන පිළිබඳද අදහස් දක්වා ඇති තායිවාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තායිවානය යනු ස්වෛරී අනන්‍යතාවයක් සහිත රටක් බවයි. එමෙන්ම සිය රට ඉලක්ක කර චීනයෙන් එල්ල වන හමුදා බලපෑම් දැඩිව ඉහළ යමින් පවතින බවද තායිවාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. තායිවාන ජනාධිපති විලියම් ලායි තවදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ නෞකා සහ ගුවන් යානා නිරන්තරයෙන් සිය රටේ ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝණය කරන බවයි. සෘජු මිලිටරි බිය ගැන්වීමෙන් ඔබ්බට, තායිවානය තම භූමියේ කොටසක් යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන හැසිරවීමට උත්සාහ කරන චීනයෙන් එල්ල විය හැකි අනන්‍යතා යුද්ධයටද තායිවානය මුහුණ දෙන බවයි තායිවාන ජනාධිපති විලියම් ලායි පවසා ඇත්තේ. එමෙන්ම චීනය තායිවානයේ හමුදාව ඉලක්ක කර ඔත්තු බැලීමේ යෙදී සිටින බවටද තායිවාන ජනාධිපතිවරයා චෝදනා කරනවා.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














