ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇතුළු මුදල් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ දී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් , රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකතන කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ.
ඒ කුරුණෑගල , මාවතගම හා විල්ගමුව ප්‍රදේශවලදීයි.
සැකකරුවන් ළග තිබි හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය , පිහි සහ අපරාධයට යොදා ගත් වෑන් රථයක් මෙන්ම ලොරි රථයක් ද සොයා ගැනීමට හැකිවුණා.
ඔවුන් සොරකම් කල ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මීගලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.
සොරකම් කළ මුදල්වලින් රුපියල් පනස්නවලක්ෂ තිස්නවදහසක් සහ තවත් දේපළ රැසක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සම්බන්ධයෙන් අනිද්දා තෙක් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
මේ අතර ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම ඇතුලු අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.













