මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන ”ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” රැස්වී තිබෙනවා.
ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ ඉදිරි කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ මෙම රැස්වීම පවත්වා තිබුණා.
පසුගිය අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වෙන් කරන ලද මුදල් නියමිත ආකාරයෙන් යොදවා ඇද්ද යන්න පිළිබදවත්, ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්වන මුදල් නිසි සැලසුමකට අනුව යෙදවීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමු වුනා.
උණුසුම් පුවත්
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්











