බෙන්තොට ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද(24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගෙන තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතරයක් හිමි බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය තහවුරු කිරීමට මෙලෙස අද (24) සමගි ජන බලවේගයට හැකි වුණා.