මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් වී තිබෙනවා. අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 3 ට 0 ක් ලෙස පහසුවෙන් පරාජය කර ඔවුන් ශුරතාව දිනා ගනු ලැබුවා. චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා අතරටද එක් වනවා. කෙසේ වෙතත් අවසන් මහා තරගය නිව්යෝර්ක් හි මෙට් ලයිෆ් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද අලුයම අවසන් වුණා. මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයින් සදහා පිරි නැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමටද අවස්ථාව උදා වීම විශේෂත්වයක්. එමෙන්ම ඔවුන් මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා එක් එක් අදියර ජය ගැනීමේ දීද අමෙරිකානු ඩොලර් මිලියන 89 යි දශම පහක ත්‍යාග මුදලකට හිමිකම් කීමට සමත් වුණා. මේ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 129 යි දශම පහක දැවැන්ත මුදල් ත්‍යාගයකට හිමිකම්කීමට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දිනූ මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 38 කට අධික බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්













