ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හය වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ ඉන්දියානු කන්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතරයි.
ඒ කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය දෙස ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් සහ විචාරකයන් දැඩි විමසිල්ලෙන් අවධානය යොමු කර සිටිනවා.
ක්‍රිකට් පිටියේ පසමිතුරන් ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය සැලකෙන හෙයින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පන්දුවාර පහක් අවසානයේ පාකිස්තානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණ 34ක් ලබාගෙන සිටිනවා.
පාකිස්තානු ආරම්භක පිතිකරු වන සයිම් අයුබ්ට කිසිදු ලකුණක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නෑ.
මොහම්මඩ් හරිස් ලකුණු 3කට දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දෙන සහිබ්සඩා ෆර්හාන් ලකුණු 11ක්ද ෆකර් සමාන් ලකුණු 16ක්ද ලබාගෙන සිටිනවා.
පන්දු යැවීමේදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාන්ඩයා සහ ජිස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.