මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන අතර පොලිස් නිළධාරීන් 17 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඊට අමතරව මේ වසරේ පළමු මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 39දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළා.