නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ 882ක තොගයක් සමග කැබ් රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ පසුගිය 25 වනදා කල්පිටිය ආනවාසල සහ මොහොත්තුවාරම් ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම බීඩි කොළ තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම මෙහෙයුමේදී කැබ් රථයක ප්‍රවාහනය සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 306ක් සමග කැබ් රථය ආනවාසල ප්‍රදේශය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එසේම මොහොත්තුවරම් ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ සඟවා තිබියදී තවත් බීඩි කොළ කිලෝ 576ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ප්‍රදේශ දෙකේම සිදු කරන වැටලීම්වලින් නාවික හමුදා භාරයට ගැනුණු සම්පූර්ණ බීඩි කොළ තොගය කිලෝ 882ක් බවත් කැබ් රථයක්ද සිය භාරයට ගැනුණු බවත් නාවික හමුදාව පවසනවා.
අදාළ බීඩි කොළ තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ ඒකකය වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.














