ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසනවා.
ඊයේ යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කලා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












