අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය යන තේමාවෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වී තිබෙනවා. මෙම වැඩසටහන ඊයේ කොළඹ, රත්නදීප හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබුණා. මෙම ප්‍රතිපත්ති සංවාදය ලෝක බැංකුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ගේට්ස් පදනමේ සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්‍ය සහාය ඇතිව සංවිධාන කර තිබෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ප්‍රතිපත්ති සංවාදය ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් පැවැත්වෙනු ඇති. ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර ඇත්තේ. මේ අනුව ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඒකාබද්ධකරණය, නවෝත්පාදනය සහ අන්තර්ගතභාවය යන අත්‍යවශ්‍ය සාධක තුනක් වැදගත් වන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා. තාක්ෂණික විසඳුම්, කෘෂි වෙළෙඳ වැඩමුළු, සහ ආහාර පද්ධතියට කාන්තාවන්ගේ සහ තරුණ, තරුණියන්ගේ දායකත්වයෙන් ළඟා කර ගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
උණුසුම් පුවත්
- කාන්තාවකගේ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගත් තවත් කාන්තාවක අත්අඩංගුවට
- අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
- ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක්
- ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
- සීතාවක ප්‍රාදේශීය සභා සභාපති තේරීම පිළිබඳ තීරණය සදුදා
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට අද වැසි
- නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
- ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් හතකට ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් තීරු බදු පනවයි