රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
පසුගිය 19 වනදා පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන තිබුනා.
පසුව එය සමථයකට පත්ව ඇති අතර ඊයේ දිනයේදී ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
කෙසේවෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමටයි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන්නේ.