හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .
මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කළා.
ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25 ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළවයි .