ගාසා සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කරන බව ඊශ්‍රායලය පවසා තිබෙනවා.
ඒ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් අනතුරුවයි.
මෙම ප්‍රහාරය හමාස් සංවිධානය විසින් ගිවිසුම නොසලකා හැරීමට එල්ල කළ ප්‍රතිචාරයක් බවයි ඊශ්‍රායලය පවසා තිබෙන්නේ.
තමන් කිසිදු ගැටුමක් ගැන නොදන්නා බවත්, සටන් විරාමයට කැපවී සිටින බවත් එයට පිළිතුරු දෙමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.