යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එල්ල කරන පීඩනය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රගතියක් ලබා දීමට මොස්කව් රජය වෙත දින 10 සිට දින 12 දක්වා වූ නව කාල සීමාවක්ද නියම කරන බවයි ඔහු පවසා ඇත්තේ.
ස්කොට්ලන්තයේ පවත්වන රැස්වීම් අතරතුරදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ තමා විසින් මීට පෙර නියම කළ දින 50 ක කාල සීමාව කෙටි කිරීමට සුදානම් බවයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඇති වූ කල කිරීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගත් බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.