ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඡන්ද විමසීම සඳහා මිලියන 18ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට නියමිත බවයි.
වාමාංශික ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ කොන්සර්වේටිව් ලිබරල් – ජාතික සන්ධානයේ පීටර් ඩටන් මැතිවරණය සඳහා තරගවදීයි.
විදෙස් වාර්තා සඳහන් කළේ ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී ඇති බවයි.