හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ මෙම වසරේ අගෝස්තු මස 05 වනදා පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්.
අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ.
ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- දිට්වා පරදවමු බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඇරඹේ













