අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් තිබෙනවා.
දැනට ලැබි ඇති තොරතුරු අනුව ජෙල් කුරු කිලෝ 45ක්, සේවා නුල් මීටර් 10ක්, කැරලි 25ක්, ඩෙටනේට්ර් 4,100ක් පැහැරගෙන ගොස් ඇති බවයි තහවුරැ වන්නේ.
පෞද්ගලික ගල් මෝල්හිමියන්ගේ වෙඩි බෙහෙත් ගබඩා මෙම ස්ථානයේ ඇති අතර එම වෙඩි බෙහෙත් ගබඩාවල ආරක්ෂාවට පොලිස් මුරපොලක්ද පිහිටා තිබෙනවා.