සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් වුනා.
ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට එක්ව තිබෙනවා.
සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය වූ ඊයේ එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගනිමින් ඔහු මෙම ප්‍රභූ ලැයිස්තුවට එක් වුනා.