ඩොනල්ට් ට්‍රම්ප්ගේ බදු පනත අමෙරිකානු කොංග්‍රසය මගින් සම්මත කර තිබෙනවා.
“බිග් බියුටි ෆුල් බිල්” ලෙස හැදින්වෙන මෙම පනතින් එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන සහ මිසයිල ආරක්ෂක ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා ද මුදල් වෙන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එරට මධ්‍යම පාන්තික අමෙරිකානුවන්ට පනවන බදු කප්පාදු කරන රෙගුලාසි ද මෙම පනතට ඇතුළත්.
කෙසේ නමුත් එමගින් එරට මිලියන ගණනක පිරිසකගේ සෞඛ්‍ය සේවා, ආහාර ආධාර අවහිර වන අතර අමෙරිකානු පරිසර හිතකර බලශක්ති ව්‍යාපෘති සඳහා වන බදු සහනද අවහිර වනු ඇති.
එම පනත සම්මත වූයේ එරට කැපිටල් හිල්හි පැවති දීර්ඝ සැසිවාරයකින් අනතුරුවයි.
පනතට පක්ෂව ඡන්ද 218ක් ලැබී ඇති අතර , විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 214ක්.
එරට ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු සාමාජිකයන් මෙන්ම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනෙකු ද ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.