
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. අදාළ බදු පැනවීම දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් මෙම නව බදු පැනවීම සිදුකිරීමට නියමිත බව සඳහන්.
කැනඩාව විසින් අමෙරිකාවට අපනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ ඇතුළු භාණ්ඩ පරාසයක් සඳහා මෙම නව බදු පැනවීම සිදුකිරීමට නියමිත බව අමෙරිකාව පවසා තිබෙනවා.














