රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි.
ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා.
ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බන්ධනාගාර අධිකාරිවරයා මුදාහින ලෙසයි අධිකරණය නියෝග කළේ.
එසේම ඔහුට විදෙස් ගමන් තහනමක්ද අදාළ නියෝගය මගින් පනවා තිබෙනවා.
සිද්ධියට අදාළ නඩුව අගෝස්තු මස 4 වන දින යළි කැඳවීමට නියමිතයි.