
මෙම වසරේ ගතවූ මාස 8ක කාලය තුළ වාර්තා වූ සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8ට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දෙනවා. පසුගිය වසරේ මුල් මාස 8 තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල අමෙරිකානු ඩොලර් 2,290ක් වනවා. කෙසේ වෙතත් මෙම වසරේ එම මාස 8 තුළ සංචාරක ආදායම් ලෙස උපයාගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,061.1ක් පමණයි. ඒ අනුව පසුගිය වසර හා සැසඳීමේදි මේ වසරේ මෙම මාස 8 තුළ සංචාරක ආදායමෙන් උපයා ගනු ලැබූ ආදායමේ යම් පහළ යෑමක් වාර්තා වනවා. මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,535,122ක් පැමිණ ඇති අතර එම සංචාරකයින්ගෙන් මෙම ආදායම උපයාගෙන ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 264.4ක් උපයා ගෙන තිබෙනවා.














