මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් ඇද හැලෙන අධික වැසිත් සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
එම මාර්ගයට ඉහළි වූ තේ වත්තේ පස් කන්දක් අද(27) දින මෙසේ මාර්ගයට කඩා වැටී තිබෙනවා.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කරන තෙක් එම ස්ථානයේ රථවාහන ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
පවතින වර්ෂාවත් සමග එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත්වන ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.